අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 12 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 59කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මෙම අයහපත් කාලගුණ තත්ත්වයෙන් පවුල් 3,162කට අයත් පුද්ගලයන් 12,032 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි නවතම වාර්තාවක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.
මෙම ආපදා තත්ත්වය හමුවේ පුත්තලම ප්‍රදේශයෙන් එක් මරණයක් වාර්තා වී ඇති අතර, තවත් එක් පුද්ගලයෙකු ද තුවාල ලබා ඇති බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.
මීට අමතරව නිවාස 02 ක් පූර්ණ හානියට පත්ව ඇති අතර, තවත් නිවාස 227කට අර්ධ හානි සිදුව ඇති බවත්, පවුල් 99කට අයත් පුද්ගලයන් 304 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
අදාළ වාර්තාව පහතින්.




