Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

කළු ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට බලපාන සුළු ගංවතුර තත්ත්වයක් ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත සහ, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, හොරණ, දොඩංගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, මදුරාවල, පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් සහ අවධානයකින් කටයුතු කරන ලෙසත්, එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන් ප්‍රවේශම් වන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

අදාළ නිවේදනය පහතින්.