00:00 : මේ ආණ්ඩුව 'රටම අනුරට' කියාගෙන තමයි බලයට පත් වුණේ.
00:03 : හැබැයි, අද 'රට අනුරට' කෙසේ වෙතත්, රට අඳුරට නම් මේ ආණ්ඩුව යවලා තිබෙනවා.
00:07 : බලයට පත් වෙනකොට කිව්වා තුනෙන් එකකින් විදුලි බිල අඩු කරනවා කියලා.
00:10 : අද තුනෙන් එකකින් විදුලි බිල අඩු කරනවා වෙනුවට, ඉතාම කෙටි කාලයකින් විදුලි කප්පාදුවකට යන තැනකට මේ ආණ්ඩුව පත්වෙලා තිබෙනවා.
00:17 : අපි දිගින් දිගටම පාර්ලිමේන්තුවේ කිව්වා බාල ගල් අඟුරු ගෙනාවම මොකක්ද වෙන ප්‍රතිඵලය කියලා.
00:23 : එහෙම කියනකොට ආණ්ඩුවේ කට්ටිය හිනා වුණා. හැබැයි හිනා වෙච්ච කට්ටියට දෛවයේ සරදමක් විදිහට අද ඊට උත්තර බඳින්න සිද්ධ වෙලා තිබෙනවා.
00:31 : මේ බාල ගල් අඟුරු ගෙන ඒමේ ප්‍රතිඵලය තුළ අද නොරොච්චෝලේ බලාගාරය අක්‍රිය වෙලා තිබෙනවා.
00:37 : බාල ගල් අඟුරු හින්දා තමයි අද අපිට අඳුරේ ඉන්න සිද්ධ වෙලා තිබෙන්නේ.



