කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් ගිනිඅවි සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයකු සහ තමා අතර සම්බන්ධතාවක් හැඟවෙන ආකාරයේ ප්රවෘත්ති පළ කර ඇති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසනවා.
සහෝදරියන් තිදෙනකුගෙන් යුත් පවුලේ එකම පිරිමි දරුවා තමා වන අතර, තමාට සහෝදරයන් කිසිවෙකු නොමැති බවත්, පෙළපත් නාමය සහිත ඕනෑම අයකු සිදුකරන වරදක් එම පෙළපත් නාමය හිමි සෑම අයෙකුටම අදාළ ද යන්න ගැන ගැටලුවක් මතුවන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ.
වසර 11 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන තමා කිසිදු දිනෙක මන්ත්‍රීවරුන්ට ලබාදෙන ගිනිඅවිය පවා ලබාගෙන නොමැති බවත්, තම පියා වූ දිවංගත සරත්චන්ද්‍ර රාජකරුණා ද කිසිදු දිනෙක ගිනිඅවියක් සන්තකයේ තබාගෙන නොමැති බවත් ඔහු අවධාරණය කරනවා.
දේශපාලන වශයෙන් තම චරිතයට අවමන් කිරීම අරමුණු කර ගනිමින්, තමාට අදාළත්වයක් නොමැති එම සිදුවීම වාර්තා කිරීමේදී තම නම යොදාගෙන ඇති බවත්, රජයේ බංකොලොත්භාවය වසා ගැනීමත්, සමාජයෙන් එල්ලවන පීඩනය සහ ජනතාවගේ මතය වෙනතකට යොමු කිරීමත් අරමුණු කර ගනිමින් ආණ්ඩුව සිදුකරන මෙවැනි පහත් ක්‍රියා හෙළා දකින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.
අදාළ ලිපිය පහතින්.




