පාකිස්ථානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ පාකිස්ථාන කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර තරගය අද (18) පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්ථාන කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 49 යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 305 ක් ලබාගත්තා.
පන්දුවට පහරදීමේදී පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Salman Agha ලකුණු 107 ක්, Babar Azam ලකූණු 45 ක් හා Saad Baig ලකුණු 39 ක් ලබාගත් අතර පන්දු යැවීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එෂාන් මාලිංග කඩුලු 4 ක් හා අසිත ප්රනාන්දු කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව ජයග්රහණය සඳහා ශ්රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 306 ක්.


