Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

හදිසි විදුලිය බිඳවැටීම හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස අක්‍රීය කළ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය දින කිහිපයක් යන තෙක් පද්ධතියට සම්බන්ධ නොකරන බව ජාතික පද්ධති ක්‍රියාකරු පෞද්ගලික සමාගම පවසනවා.

මෙවැනි තත්ත්වයකදී අනුගමනය කරන සාමාන්‍ය ආරක්ෂක ක්‍රමවේදවලට යොමුවී ඇති බැවින්, දින කිහිපයක් යන තෙක් බලාගාරය පද්ධතියට නැවත සම්බන්ධ නොකරන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් පද්ධතියට අහිමි වන මෙගාවොට් 810 ක ධාරිතාව නිසා ඉදිරි දින කිහිපයේදී පාරිභෝගික ජනතාවට වන බලපෑම අවම වන ලෙස විදුලි සැපයුම නිසි කළමනාකරණයකින් යුතුව සැපයීමට ජාතික පද්ධති ක්‍රියාකරු ලෙස කටයුතු සම්පාදනය කර ඇති බව ද අදාළ නිවේදනය මඟින් පෙන්වාදී තිබෙනවා.

එසේම මේ දිනවල පවතින වර්ෂාපතනය හේතුවෙන් ජල විදුලි ජනනය උපරිම අගයක පවත්වා ගැනීමට හැකිවීමත්, පද්ධතියේ ඉල්ලුම සාපේක්ෂව අඩුවීමේ ප්‍රවණතාවත් නිසා ඉදිරි දින කිහිපයේදී පාරිභෝගිකයන්ට වන බලපෑම අවම වන පරිදි විදුලි සැපයුම පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව ද ජාතික පද්ධති ක්‍රියාකරු පෞද්ගලික සමාගම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

අදාළ නිවේදනය පහතින්.