ඇප මත මුදාහැරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි ශිරන්ති රාජපක්ෂ වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ නවලෝක රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
ඇගේ සෞඛ්ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්යවරුන් ලබාදුන් උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළ අතර, එහිදී ඇතිවූ රෝගී තත්ත්වයක් හමුවේ රෝහල්ගත කෙරුණා. පසුගිය නඩුවාරයේදී ඇයට ඇප හිමිවී තිබුණා.


