Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

තම රජය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලට ගරු කරන බවත් අධිකරණ ක්‍රියාවලියට කිසිදු ලෙසකින් මැදිහත් නොවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

රජය අධිකරණයේ අවසන් තීන්දු පිළිගන්නා බවත්, විධායකය ඒවා වෙනස් කරනු ඇතැයි කිසිවකු අපේක්ෂා නොකළ යුතු බවත් බදුල්ලේ පැවැති ජාතික ජන බලවේගයේ (NPP) කාන්තා රැළිය අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

නීති සම්පාදනය කිරීම පාර්ලිමේන්තුවේ වගකීම වන අතර, පරීක්ෂණ සහ බලාත්මක කිරීමේ කටයුතු පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව වැනි ආයතන වෙත පැවරී ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කර තිබෙනවා.

නීතිය අර්ථ නිරූපණය කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ අවසාන අධිකාරිය ඇත්තේ අධිකරණයට, විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයට බවත්, එම තීරණයට යටත්විය යුතු අතර එතැනින් ඉදිරියට තීරණ අපේක්ෂා නොකරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළා.