00:00 : දින කීපයක පා ගමනක් ආවා. ඊයේ පා ගමන අවසන් වුණා.
00:03 : උසාවි නියෝගයක් මත උන්වහන්සේලා උද්ඝෝෂනයෙන් ඉවත් වෙමින් ඉන්නවා කියලා තමයි මේ වෙනකොට තියෙන්නේ.
00:09 : කොහොම වුණත් අපේ හාමුදුරුවන් වහන්සේලාටත්, පොදු ජනතාවටත්, සෑම සියලු දෙනාටමත් දැනගැනීම සඳහා ස්ථිරව යමක් කිව යුතුව තිබෙනවා.
00:18 : ඒ තමයි, අපිට ලැබිච්ච ජනවරම දිහා හැමෝම බලන්න. ඒ ජනවරම මත පදනම් වෙලා තමයි ජනාධිපතිතුමා ගන්න තීරණ ගන්නේ.
00:26 : මේ ජනවරමේ තියෙන්නේ, නීතියේ ආධිපත්‍ය ඉල්ලලා තියෙන ජනවරමක් මේක. නීතිය හැමට සමානව තියෙන්න ඕනේ කියන ජනවරමක් මේ තියෙන්නේ.
00:34 : ඉතින්, ඒ දිශාවට රට හරවලා තියෙන්නේ මේ වෙනකොට. ඒක කවුරුත් දන්නවා.
00:38 : ඉතින් අපේ පා ගමනින් වැඩිය ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම ඉෂ්ට කරන්න පුළුවන් එකක් නෙමෙයි ඇත්තටම. ඒක ඉෂ්ට කරන්න බෑ!
00:45 : ඒක ඉෂ්ට කළොත් ජනාධිපතිතුමාත්, මේ ආණ්ඩුවත් ජනවරමට පිටුපෑවා වෙනවා. ඒ නිසා ජනවරමට පිටුපාන්න කිසිසේත්ම බෑ.
00:52 : ඉල්ලන්න ඕන කරන්න පුළුවන් දෙයක්. මේ ඉල්ලීම ඉෂ්ට කරන්න පුළුවන් ඉල්ලීමක් නෙමෙයි.
00:57 : ඒක අපේ හාමුදුරුවන් වහන්සේලාට මම හිතන්නේ තේරුම් ගන්න පුළුවන් දෙයක්.



