බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ ආගමික නායකයන් පිටතට රැගෙන යාමේදී ඇඳ සිටිය යුතු ඇඳුම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විධිවිධාන සියල්ලක්ම බන්ධනාගාර දෙපාර්තමේන්තු නිත්‍ය නියෝගවල දැනටමත් පැහැදිලිව සඳහන් කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තු නිත්‍ය නියෝගවල මේ කරුණ සම්බන්ධයෙන් පැහැදිලිවම සෘජු මඟ පෙන්වීමක් කර තිබියදී, ඒ ගැන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීම හිතාමතාම ප්‍රශ්නය යට ගැසීමට සහ තවදුරටත් ඇදගෙන යාමට ගත් වංක ප්‍රයත්නයක් බවයි නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කරන්නේ.
රජයේ මෙම ක්‍රියාමාර්ගය එක්සත් ජාතික පක්ෂය දැඩි ලෙස හෙළා දකින අතර, රජය දැන් කළ යුතුව ඇත්තේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම පිළිබඳව සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක හිමියන් සහ සංඝ සභාව හමුවට ගොස් සමාව අයැද සිටීම බවයි එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
අදාළ නිවේදනය පහතින්.




