00:00 : දැනුත් විවිධ බලවේග බලනවා, අපේ රට පාලනය කරපු, එක පැත්තක දූෂිත පාලකයෝ ඉන්නවා. තව පැත්තක මිනීමරුවෝ ටිකක් ඉන්නවා.
00:08 : තව පැත්තක හොරකම් කරලා, ජඩකම් කරලා, මැරකම් කරලා, ජනතාවගේ ධනය උදුර ගත්ත පිරිසක් ඉන්නවා.
00:14 : දැන් ඒගොල්ලොන්ට ඕනේ මේ ආණ්ඩුව ගෙදර යවන්න.
00:17 : අපි විශ්වාස කරනවා, හොරුන්ට, ජඩයන්ට, මැරයන්ට මේ ආණ්ඩුව එපා වුණාට, මේ රටේ සාමාන්‍ය ජනතාව ජීවිතය දීලා හරි මේ ආණ්ඩුව රකිනවා.
00:28 : ඇයි? අපි කිසි කෙනෙක් - ජනාධිපතිතුමාගේ ඉඳලා ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා දක්වා - මේ දේශපාලනය තෝරාගෙන නෑ පෞද්ගලිකව කිසිවක් උපයා ගන්න.
00:37 : ඔබට ඕනේ හොඳ ලස්සන රටක් හදන්න. අපිටත් ඕනේ ලස්සන රටක් හදන්න. ඉතින් අපි අතර වෙනස මොකක්ද?



