Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : ඊයේ දවසේ ශිරන්ති රාජපක්ෂ මැතිනිය බන්ධනාගාරගත කිරීමේදී අධිකරණයේ ගරු උගත් මහේස්ත්‍රාත්තුමිය ඉතා පැහැදිලිව බන්ධනාගාර නිලධාරීන්ට දැනුම් දී තිබුණා -

00:08 : ඇයගේ සුපුරුදු අක්ෂි වෛද්‍යවරයා වෙත අද දවසේ නවලෝක රෝහල වෙත ඉදිරිපත් කරන්න කියලා.

00:14 : කෙසේ නමුත්, මේ වන විට අපිට දැනගන්න ලැබිලා තියෙනවා එම නියෝගය පැහැර හරිමින් -

00:18 : බන්ධනාගාර නිලධාරීන් විසින් එතුමියව එම වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම පැහැර හැරලා තියෙනවා.

00:24 : අපි දකින්නේ මෙය ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. මොකද රෝගියෙක්ගේ රෝගී භාවයට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නේත් මේ වන විට බන්ධනාගාර නිලධාරීන්ද කියන ප්‍රශ්නය අපිට මතු වෙනවා.

00:35 : අනික් අතින් ගත්තම, අපි දැක්කා විවිධ පුවත් වාර්තා පළවෙනවා ඇයව බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කරලා අක්ෂි රෝහලට හෝ ජාතික රෝහලට යොමු කරනවායි කියලා.

00:45 : මං හිතන්නේ මෙය ඉතාමත් වැරදි සහගත ක්‍රියාවක්. ඒකට හේතුව තමයි -

00:49 : අධිකරණයේ නියෝගයක් තිබියදී, ඒවා පැහැර හැරීමේ කිසිම අයිතියක් බන්ධනාගාර නිලධාරීන්ට නැහැ!