Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්, නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ලබන 21 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (07) නියෝග කර තිබෙනවා.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මෙම සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන අවසන් වී නොමැති බවට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.