මාස නවයක සිර දඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි නඩුකරය පෙබරවාරි 25 වැනිදා යළි කැඳවන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
මෙම නඩුකරය අද (07) කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
උන්වහන්සේගේ නීතිඥවරයා සඳහන් කළේ මෙම සිර දඬුවමට එරෙහිව සිය සේවාදායක හිමියන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත්, එහි තීරණය ලැබෙන තෙක් දඬුවම ක්‍රියාත්මක කිරීම කල් තබන ලෙසයි.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නඩුකරය පෙබරවාරි 25 වැනිදා නැවත කැඳවීමට අධිකරණය නියම කළා.



