Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට ඊශ්‍රායලය බලා පියාසර කරමින් තිබූ වාණිජ ගුවන් යානයකට සවුදි අරාබිය වෙත හදිසි ගොඩබෑමක් කිරීමට සිදුව තිබෙනවා.

ගුවන්ගත වී කෙටි වේලාවකට පසු මෙම ෆ්ලයිඩුබායි (Flydubai) යානය මඟින් හදිසි අනතුරු ඇඟවීමේ සංඥාවක් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එහි එක් නියමුවෙකු විසින් අනෙක් නියමුවාට තියුණු ආයුධයකින් පහර දී ඇති බවට ඇසින් දුටු මගියෙක් විසින් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති අතර, යානය ගොඩබෑමෙන් අනතුරුව මෙම සිදුවීමෙන් තුවාල ලැබූ ෆ්ලයිඩුබායි යානයේ ප්‍රධාන නියමුවා සහ සහකාර නියමුවා රෝහල්ගත කර තිබෙනවා.

යානයේ ඉදිරිපස සිටි මගීන් එකතු වී ප්‍රහාරකයා ගුවන් නියමු කුටියෙන් (Cockpit) එළියට ඇද දැමීමට උපකාර කර ඇති බවත්, එහි ගමන් කරමින් සිටි තවත් ගුවන් නියමුවන් දෙදෙනෙකු විසින් යානයේ පාලනය ලබාගෙන, අනතුරකින් වළක්වා ගැනීමට කටයුතු කර ඇති බවයි සිදුවීම ඇසින් දුටු මගියෙකු ප්‍රකාශ කර ඇත්තේ.

අදාළ යානයේ ගමන්ගත් මගීන් විසින් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කළ තොරතුරු මෙලෙස වාර්තා වන අතර, මේ සම්බන්ධයෙන් අදාළ සමාගම් විසින් නිල නි‍වේදනයක් නිකුත් කර නොමැති බවයි BBC පුවත් සේවය වාර්තා කර සිටින්නේ.