Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

වගා ආයෝජන මුවාවෙන් තැන්පතු ලබාගෙන එම මුදල් යොදවා ඇත්තේ වගා ආයෝජන සඳහා පමණක් නොවන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා.

අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ, අදාළ ආයතන මෙම මුදල් නොයෙකුත් කටයුතු සඳහා යොදවා ඇති අතර, ඒ අතර සුපිරි වෙළඳසැල් ආරම්භ කිරීම, පුවත්පත් ආරම්භ කිරීම සහ සංචාරක ව්‍යාපාර පවත්වාගෙන යාම ද වන බවයි.

එසේම අවාසනාවන්ත තත්ත්වයක් ලෙස කලාකරුවන්ට මුදල් ලබාදීම් ද ඔවුන් විසින් සිදුකර ඇති බව පැවසූ ඔහු, තම ගෞරවය රැකගන්නා ආකාරයෙන් කටයුතු කරන ලෙසත්, තෑගි වශයෙන් ලැබෙන මුදල් ප්‍රතික්ෂේප කරන ලෙසත් කලාකරුවන්ගෙන් ඉල්ලා සිටියා. 

එම මුදල් වංචාකාරී අයුරින් උපයාගත් මුදල් බවයි ඔහු එහිදී පෙන්වා දුන්නේ.

මෙම ආයතනවල මුදල් තැන්පත් කළ පිරිස් සිටින්නේ නම් සහ එම තැන්පතු ආරක්ෂා කරගැනීමට අවශ්‍ය නම්, මේ පිළිබඳ තොරතුරු ලබාදී මහ බැංකුවට සහාය වන ලෙස ද මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් ඉල්ලා සිටියා.