Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මහ බැංකුවේ ලියාපදිංචි නොමැති ආයතන මඟින් මුදල් තැන්පතු ලබාගැනීම නීතිවිරෝධී ක්‍රියාවක් බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා.

අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ, වගා ආයෝජන මුවාවෙන් අදාළ ආයතන සිදුකර ඇත්තේ මුදල් තැන්පතු භාරගැනීම බවත්, නීතිවිරෝධී ලෙස තැන්පතු ලබාගැනීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව මැදිහත්වීමට මහ බැංකුවට වගකීමක් පවතින බවයි.

වසරකට 40% ක පමණ ප්‍රතිලාභයක් ලබාදී කාලය අවසානයේ මුළු මුදලම නැවත ලබාදීමට නම්, තවත් අයෙකුගෙන් මුදල් ලබාගැනීම් සිදු කළ යුතු බවද, එයින් තොරව කිසිදු ව්‍යාපාරයක් එසේ පවත්වාගෙන යා නොහැකි බව ද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නා.

මහ බැංකුව විසින් අදාළ ආයතන තහනම් කිරීමේ මූලික අරමුණ වන්නේ මහජනයා උපයාගත් ධනය අවදානම් සහිත තැන්පතුවල ආයෝජනය කිරීම වැළැක්වීම බවත්, දෙවන අරමුණ වන්නේ අදාළ වංචාවට හසුවූ පිරිසට සිදුවන පාඩුව අවම කිරීම බවත් ඔහු ප්‍රකාශ කළා.

මහ බැංකුවේ අපේක්ෂාව වන්නේ මෙම වංචාවට හසුවී මුදල් තැන්පත් කළ පිරිස ආරක්ෂා කරගැනීම බවත්, මේ සම්බන්ධයෙන් අදාළ තොරතුරු ලබාදෙමින් සහයෝගය දක්වන ලෙසත් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් ඉල්ලා සිටියා.