Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානියට පත් මාර්ග කිලෝමීටර් 600 ක් පිළිසකර කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 110 ක මුදලක් අනුමත කිරීමට ලෝක බැංකුව පියවර ගෙන තිබෙනවා.

අද (30) ප්‍රකාශයට පත්කරන ලද මෙම මූල්‍ය ප්‍රතිපාදන මඟින්, වඩාත්ම බලපෑමට ලක්වූ ප්‍රජාවන් හි වෙළඳපොළවල්, පාසල් සහ සෞඛ්‍ය පහසුකම් වෙත ප්‍රවේශය සලසන මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා ප්‍රමුඛතාව ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ අර්බුද ප්‍රතිචාර වැඩසටහන හරහා ලබාදෙන මෙම මුදල්, වැඩිදියුණු කළ ජලාපවහන පද්ධති, නායයෑම් ආරක්ෂණ ක්‍රමවේද සහ අන්තගාමී කාලගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන ඉංජිනේරු සැලසුම් සහිතව සංවර්ධන කටයුතු සිදුකිරීම සඳහා යොදවනු ලබනවා.

මෙම අතිරේක මූල්‍ය ප්‍රතිපාදනය මඟින් දැනට ක්‍රියාත්මක වන 'සම්පූර්ණ සම්බන්ධතාව සහ සංවර්ධන ව්‍යාපෘතිය' (Inclusive Connectivity and Development Project) තවත් වසර තුනකින් දීර්ඝ වන අතර, එම ව්‍යාපෘතිය යටතේ ලෝක බැංකුවේ මුළු ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 610 දක්වා ඉහළ යන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.