Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

රටේ ජනතාව විසින් සිදුකරන ලද වෙනස යළි ආපසු හැරවීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලා සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ පවසනවා.

ජන හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ රටේ පළමු වතාවට පැරණි ප්‍රභූ දේශපාලන තන්ත්‍රය වෙතින් ජනතාව අතරට බලය හුවමාරු වී ඇති බවයි.

අතීතයේදී පාලන තන්ත්‍රයට එරෙහිව සමාජ මාධ්‍ය තුළ වචනයක් හෝ ලිවීමේ හැකියාවක් නොතිබූ බවත්, එසේ කළහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රශ්න කිරීම හෝ, ඝාතනය කිරීම සිදුකළ බවත් ඔහු ප්‍රකාශ කළා.

නමුත් වර්තමානය වන විට ආණ්ඩුවේ ඕනෑම අයෙකුට එරෙහිව ලිවීමේ නිදහස පවතින අතර, තරුණ පරපුර ඉල්ලා සිටි නිදහස මෙය බවයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.