නීතියේ ආධිපත්‍යය පිහිටුවීම සහ රටේ හිටපු දේශපාලන අපරාධකරුවන්ට දඬුවම් දීම වෙනුවෙන් රජයට ජනවරම ලැබී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසනවා.
ඒ අනුව, මේ වන විට රජය සිදු කරන්නේ නීතිමය ආයතන, පොලීසිය, විමර්ශන ආයතන මෙන්ම අධිකරණය ශක්තිමත් කිරීම බවයි අද (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
රටේ හිටපු දේශපාලන අපරාධකරුවන්ට, වැරදි කළ පුද්ගලයන්ට, විදේශයන් වෙත පලාගිය පිරිස්වලට, මනුෂ්‍ය ඝාතන සිදුකළ අයට සහ රට බංකොළොත් කළ පුද්ගලයන්ට නීත්‍යානුකූලව අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
ශිරන්ති රාජපක්ෂට ද නීත්‍යානුකූලව පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස දැනුම් දී තිබියදී, ඇය ප්‍රතිකාර ලබා ගැනීමට විදේශගතව ඇති බවත්, ගිය ආකාරයටම ඇය යළි පැමිණිය යුතු බවත්, එසේ නොපැමිණියහොත් රටේ නීතිමය ආයතන ක්‍රියාත්මක වනු ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


