ශ්‍රී ලංකා රේගුවේ සුවිශේෂී පරිවර්තනයක් සිදු කරමින්, කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය දියත් කිරීමේ සමාරම්භක අවස්ථාව හෙට (01) ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීරගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.
සියලු ආනයනකරුවන් සහ ප්‍රකාශකයන් විසින් සිය රේගු ප්‍රකාශන සහ අනෙකුත් අදාළ ලිපිගොනු වලංගු ඩිජිටල් අත්සන (Digital Signature) සහිතව යොමු කිරීම අනිවාර්ය වන බවයි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
පැරණි ක්‍රමයට යොමුකරනු ලබන රේගු ප්‍රකාශන භාරගැනීම තවදුරටත් සිදු නොකරන බව ද අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.
රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ ක්‍රමවේදය යටතේ ආරම්භ කිරීමට නියමිත මෙම කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය මඟින් රේගු නිශ්කාශන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ විනිවිදභාවයෙන් යුතුව සිදුකිරීමට හැකිවනු ඇති බවයි සඳහන් වන්නේ.
ඩිජිටල් අත්සන තැබීමෙන් පසු සිදුකෙරෙන වෙනස්කම් මෙම පද්ධතිය මඟින් හඳුනාගනු ලබන බැවින්, වංචා හා දූෂණ සඳහා ඇති අවස්ථාවන් අවම වීම ද මෙහි විශේෂත්වයක් වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.
අදාළ නිවේදනය පහතින්.



