Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

NSBM හරිත සරසවිය මඟින් තුන්වන වරටත් සංවිධානය කරන ලද NSBM International Youth Film Festival (ජාත්‍යන්තර යොවුන් සිනමා සම්මාන උළෙල) පසුගිය 25 වනදා NSBM හරිත සරසවි ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පැවැත්වුණා.

ප්‍රවීණ ජූරි මණ්ඩලයක විනිශ්චය මත අන්තර් පාසල්, අන්තර් විශ්වවිද්‍යාල, විවෘත, ජාත්‍යන්තර, වාර්තා චිත්‍රපට සහ සජීවීකරණ යන අංශ 6 යටතේ ඉදිරිපත් වූ කෙටි චිත්‍රපට 200කට අධික සංඛ්‍යාවක් අතුරින් අවසන් තරග වටයට සුදුසුකම් ලැබූ කෙටි චිත්‍රපට 32 ක් සඳහා සම්මාන කාණ්ඩ 41 ක් යටතේ මෙහිදී ඇගයීම් පිරිනැමුණා.

එමෙන්ම මෙරට සිනමාව වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය වෙත "NSBM Golden Honorary Award" සම්මානය පිරිනැමීමට ද මෙහිදී කටයුතු කර තිබෙනවා.

මෙම සම්මාන රාත්‍රිය සඳහා කලා ක්ෂේත්‍රයේ නිර්මාණකරුවන්, රංගන ශිල්පීන්, විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් සහ පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.