හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඉදිරිපත් කර ඇති නඩුව, නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා නොවැම්බර් මස 11 වැනිදා කැඳවන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
මෙම නඩුව අද (30) කැඳවූ අවස්ථාවේදී සැකකාර රනිල් වික්‍රමසිංහ සහ සමන් ඒකනායක යන අය අධිකරණය හමුවේ පෙනී සිටි බවයි වාර්තා වන්නේ.


