හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටිනවා.
2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවැති සිය බිරිඳගේ උපාධි ප්‍රදාන උත්සවයට සහභාගී වීම තුළින් රජයට අයත් රුපියල් ලක්ෂ 166කට අධික මුදලක් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළ නඩුවට පෙනී සිටීම සඳහා ඔහු මෙලෙස අධිකරණයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.


