Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ඔක්තෝබර් මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය හෙට හෝ අනිද්දා දිනය වන විට ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා.

අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මෙවර මිල සංශෝධනයේදී ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 70 ක සහනාධාරයක් ලබාදීමට රජය කටයුතු කරන බවයි.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ මෙරට ඉන්ධන බෙදාහරින සමාගම් තමන්ට සිදුව ඇති පාඩුව පිළිබඳව දැනුම් දී ඇති අතර, ඇතැම් සමාගම් විසින් ඩීසල් ලීටරයකින් රුපියල් 120 ක්, රුපියල් 135 ක්, රුපියල් 192 ක් සහ රුපියල් 247 ක් ආදී වශයෙන් පාඩු ලබන බව පෙන්වා දී තිබෙනවා.

ඔක්තෝබර් මාසය සඳහා රුපියල් බිලියන 15 ක්, නොවැම්බර් මාසය සඳහා රුපියල් බිලියන 13.5 ක් සහ දෙසැම්බර් මාසය සඳහා රුපියල් බිලියන 12.15 ක් ලෙස ඉන්ධන සහනාධාර ලබාදීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.