Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදලක් පැහැරගෙන සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් පස්දෙනාගේ නඩුව ලබන නොවැම්බර් මස 25 වනදා තෙක් කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (30) නියෝග කර තිබෙනවා.

සිද්ධියට අදාළ නඩුව අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මධ්‍යම අපරාධ කාර්යාංශය විසින් කරනු ලැබූ කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළ බවයි වාර්තා වන්නේ.

මෙහි පස්වන සැකකරු සමඟ අනෙක් සැකකරුවන් මෙම මංකොල්ලය සම්බන්ධයෙන් සිදුකරන ලද සාකච්ඡා ඇතුළත් CCTV දර්ශන රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බව ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කර සිටියා.

හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා කොල්ලුපිටිය පොලීසිය විසින් ඉකුත් ජූලි මස 21 වනදා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුව ඇප මත මුදාහැරුණා.