Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

2027 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙවත් අයවැය කතාව නොවැම්බර් 12 වැනිදා සිදු කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබෙනවා.

අනතුරුව නොවැම්බර් 13 සිට දෙසැම්බර් 14 දක්වා අයවැය විවාදය පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා ඔක්තෝබර් 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 12 වැනිදා අයවැය කතාව සිදුකිරීමට නියමිතයි.

නොවැම්බර් 13 සිට නොවැම්බර් 20 දක්වා දින 07 ක් දෙවනවර කියවීමේ විවාදය පැවැත්වෙන අතර, නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00 ට දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනවා.

අනතුරුව නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා දින 19 ක් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වෙන අතර, දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00 ට අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. 

මෙම කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර, සෙනසුරාදා දින ද ඇතුළුව සෑම දිනකම අයවැය විවාදය පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

දෙවනවර කියවීමේ විවාද කාලසීමාව තුළ ආණ්ඩු පක්ෂයට 60% ක් සහ විපක්ෂයට 40% ක් ලෙස ද, කාරක සභා අවස්ථාවේ විවාද කාලසීමාව තුළ ආණ්ඩු පක්ෂයට 40% ක් සහ විපක්ෂයට 60% ක් ලෙස ද කාලය වෙන් කිරීමට මෙහිදී අනුමැතිය හිමිව තිබෙනවා.