Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකට අනුව ඉන්දියාවේ සංචාරයක නිරත වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු කණ්ඩායම, භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන භාර ජාතික මහලේකම් බී.එල්. සන්තෝෂ් හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

මෙහිදී භාරතීය ජනතා පක්ෂයේ ඉතිහාසය සහ සංවිධාන ව්‍යුහය, ග්‍රාමීය මට්ටම දක්වා පක්ෂ සාමාජිකත්වය සංවිධානය කරන ආකාරය මෙන්ම ඉන්දියාවේ සංවර්ධන ව්‍යාපෘති සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබාදෙන නායකත්වය පිළිබඳව ද දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම දෙරට අතර සබඳතාව සහ මිත්‍රත්වය වර්ධනය කරගැනීමේදී දෙපක්ෂය අතර අවබෝධය ශක්තිමත් කරගැනීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

මෙම සංචාරයට සමගාමීව, භාරතීය ජනතා පක්ෂයේ කාන්තා සංවිධානයේ ජාතික සභාපතිනි රූපකුමාරි චෞද්‍රි මෙන්ම තරුණ සංවිධාන නියෝජිතයන් වන විනීත් වත්ස් ත්‍යාගී සහ භක්ති ශර්මා සමඟ ද ජනතා විමුක්ති පෙරමුණු නියෝජිත පිරිස සාකච්ඡා පවත්වා ඇති බවයි වැඩිදුරටත් සදහන් වෙන්නේ.