Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ හයවන දිනය අදට (30) යෙදී ඇති අතර, අද දිනයේ ද ඊට අති විශාල ජනතාවක් පැමිණෙමින් තිබෙනවා.

පසුගිය 25 වැනිදා ආරම්භ වූ මෙම ප්‍රදර්ශනය ඔක්තෝබර් 04 වැනිදා දක්වා, පෙ.ව. 9.00 සිට රාත්‍රී 9.00 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සඳහන් කරන්නේ.

මෙම ප්‍රදර්ශනයේදී දේශීය මෙන්ම විදේශීය පොත්පත් විශේෂ වට්ටම් සහිතව මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව හිමි වෙනවා.

මේ අතර, කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා පැමිණෙන්නන්ට 'HelaGo' හරහා රුපියල් 10,000 ක මුදල් ත්‍යාගයක් දිනා ගැනීමේ විශේෂ තරගයක් ද සංවිධානය කර තිබෙනවා.

ඊට එක් වීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ලබා දෙන 'HelaGo Bookmark එක ඔබ මිලදී ගත් පොත් සමඟ තබා, නිර්මාණාත්මක ලෙස ඡායාරූපයක් ගෙන, 'HelaGo' ෆේස්බුක් පිටුව Tag කරමින් ඔබගේ ගිණුම හරහා පළ කළ යුතු වෙනවා.

මීට අමතරව, ප්‍රදර්ශනය පැවැත්වෙන කාලසීමාව තුළ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය වෙත ගමන් කිරීමට මෙන්ම, යළි පිටත්ව යාම සඳහා 'HelaGo' මඟින් 25% ක විශේෂ වට්ටමක් ද ලබා දී තිබෙනවා.