ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කළේ යැයි කියන සිද්ධියකට චෝදනා ලැබ සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල අද (30) වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඊයේ (29) දිනයේදී ද උන්වහන්සේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අභියාචනාධිකරණය මඟින් වරෙන්තුවක් නිකුත් කර තිබුණා.


