Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

අධිවේගී මාර්ගවල වාහන ධාවනය කිරීමේදී ආසන පටි පැළඳීමේ අනිවාර්ය නීතිය කඩකළ පුද්ගලයන් 2,000කට අධික පිරිසකට දඩ පැනවීමට කටයුතු කර ඇති බව පොලීසිය පවසනවා.

පසුගිය සැප්තැම්බර් 19 වනදා සිට මේ දක්වා සිදුකළ පරීක්ෂා කිරීම්වලදී මෙම දඩ පැනවීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී වාහනයේ ආසන පටි තිබියදීත් ඒවා පැළඳීමෙන් තොරව ගමන් කළ මගීන් 1,000ක පමණ පිරිසක් ද දඩ පැනවූ පිරිසට අයත් බව පොලීසිය සඳහන් කළා.

අධිවේගී මාර්ගවලට ඇතුළු වන සහ පිටවන ස්ථානවලදී වාහන පරීක්ෂා කිරීම් ඉදිරියටත් සිදුකරන බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.