හිටපු අමාත්‍ය විමල් වීරවංශ ලබන සිකුරාදා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට කැඳවා තිබෙනවා.
පසුගිය 12 වනදා අනුරාධපුරයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමකදී නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය මඟින් අධිකරණයට අපහාසයක් සිදුව ඇත්දැයි කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් පසුගියදා කොළඹ අංක එක මහේස්ත්‍රාත් අධිකරණයට පොලීසිය කරුණු වාර්තා කර තිබූ අතර, එහිදී අධිකරණය නියෝග කළේ අදාළ ප්‍රකාශය ඇතුළත් සංස්කරණය නොකළ දර්ශන මාධ්‍ය නාලිකාවලින් ලබාගන්නා ලෙසයි.
මේ වන විට එම දර්ශන ලබාගෙන ඇති බව පොලීසිය සඳහන් කළ අතර, අධිකරණය පොලිස්පතිවරයාට කළ නියෝගයකට අනුව මෙම විමර්ශනය ක්‍රියාත්මක වන බව වැඩිදුරටත් වාර්තා වෙනවා.


