Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

2025/2026 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් බදු ගෙවීමට ලබාදී තිබුණු කාලය අදින් (30) අවසන් වෙනවා.

ඒ අනුව, සමාගම් ආදායම් බදු, පුද්ගල ආදායම් බදු සහ හවුල් ව්‍යාපාර ආදායම් බදු අය කෙරෙන පුද්ගලයන් හා ව්‍යාපාර ඒ යටතේ සිය බදු මුදල් ගෙවිය යුතු බවයි වාර්තා වන්නේ.

බදු ගෙවීමට යටත් වන පුද්ගලයන් සහ ව්‍යාපාර විසින් මෙතෙක් එම බදු මුදල් ගෙවා නොමැති නම්, අද දිනය තුළ එය ගෙවිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළා. 

එසේ නොකරන පිරිස් සඳහා දඩ සහ පොලී අය කිරීමට සිදුවන බව ද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාර්ගගත බදු ගෙවීමේ පද්ධතිය හරහා මෙම ගෙවීම් කළ හැකි අතර, ඕනෑම ලංකා බැංකු ශාඛාවක් ඔස්සේ ද ගෙවීම් සිදු කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.