බද්දේගම, හල්පාතොට ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා සිදුකළ ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මඟින් සිදුකරන විමර්ශනවලට අනුව, අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙම සැකකරු ඊයේ (29) රාත්‍රියේ හල්පාතොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 100 ක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, 23 හැවිරිදි අදාළ සැකකරු කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ද සඳහන්.
ඔහු බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.


