පානදුර, වලාන, මහනාම පාර ප්‍රදේශයේදී පැහැරගත් ව්‍යාපාරිකයා මිනුවන්පිටිය කනත්ත අසල දමා ගොස් සිටියදී හමුවී තිබෙනවා.
ඊයේ (29) රාත්‍රී 10.00 ට පමණ සිය මෝටර් රථයෙන් බිරිඳ සහ දියණියන් දෙදෙනා සමඟ නිවස වෙත ගමන් කරමින් සිටියදී මෙම ව්‍යාපාරිකයාව පැහැරගෙන ගොස් ඇති බවයි පොලීසිය විසින් සඳහන් කළේ.
තවත් මෝටර් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් ඔහු ලුහුබැඳ ගොස්, ව්‍යාපාරිකයාගේ වාහනයට පහර දී, වීදුරු කඩා මෙම පැහැරගැනීම සිදුකර ඇති බව සඳහන් වෙනවා.
මෙම සිද්ධියෙන් ව්‍යාපාරිකයාගේ දියණියන් දෙදෙනාට කිසිදු අනතුරක් සිදුව නොමැති අතර, තුවාල ලැබූ බිරිඳ පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත්, ව්‍යාපාරිකයා ද මේ වන විට එම රෝහලේම ප්‍රතිකාර ලබන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.


