හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනුකර ඇති නඩුව අද (30) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතව තිබෙනවා.
රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට වන චෝදනා මත මෙම නඩුව ගොනුකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අවසන් කර, ඊට අදාළ උද්ධෘත නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණේ.
ඒ අනුව, නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා නඩුව අද කැඳවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉකුත් නඩු දිනයේදී නියෝග කරනු ලැබුවා.
ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ධුර කාලයේදී, පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්වයක් සඳහා ලන්ඩනය වෙත ගොස්, රජයට රුපියල් කෝටි එකහමාරකට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු ගොනු කර තිබෙනවා.


