ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (29) පැවති රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) දැනට පවතින 8.75% මට්ටමේම පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.
දේශීය හා ගෝලීය ආර්ථික තත්ත්වයන් මෙන්ම, ඉදිරි දැක්ම ද සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.
2026 මැයි මාසයේදී ක්‍රියාත්මක කළ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම මෙන්ම මැදපෙරදිග වර්ධනය වන භූ-දේශපාලනික ආතතීන් සහ එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ඇති විය හැකි අවදානම් සම්බන්ධයෙන් ද මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අවධානය යොමු වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.


