Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

2026 සැප්තැම්බර් මාසයට අදාළ වැඩිහිටි දීමනාව ඔක්තෝබර් මස 01 වැනිදා අදාළ ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඒ අනුව, අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් 616,755 දෙනෙකු සඳහා රුපියල් මිලියන 3,083.755 ක මුදලක් වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, එහි දෙවන අදියර යටතේ අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් 79,063 දෙනෙකු සඳහා රුපියල් මිලියන 395.315 ක මුදලක් වෙන් කර තිබෙන බව ද සඳහන් වෙනවා.

අදාළ ප්‍රතිලාභීන්ට ඔක්තෝබර් මස 01 වැනිදා සිට එම වැඩිහිටි දීමනාව සිය අස්වැසුම බැංකු ගිණුම් මගින් ලබාගත හැකි බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.