Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

රුපියල් කෝටි 08කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවු ඕමානයේ සිට මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ ඇති අතර, එතැන් සිට කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් රාත්‍රී 7.30 ට පමණ කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03 යි ග්‍රෑම් 994 ක ප්‍රමාණය පාර්සල් 10 ක් ලෙස සකස් කර, සැකකරු රැගෙන ආ ගමන් මල්ලේ තිබූ බිස්කට් සහ චොකලට් ඇසුරුම් තුළ සූක්ෂම ලෙස සඟවා තිබියදී සොයාගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (30) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.