Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා මුදල් ඉපයීමේ මූල්‍ය ප්‍රතිපත්තිය (Monetization) ක්‍රියාත්මක වීමත් සමඟ, දෙමාපියන්ගේ අවසරය ඇතිව හෝ නැතිව දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ පට අන්තර්ජාලයට එක් කිරීමේ ප්‍රවණතාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය පවසනවා.

දරුවන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීම සහ ඔවුන්ගේ සුරතල් ක්‍රියාකාරකම් අගය කිරීම යන මුවාවෙන් විවිධ පුද්ගලයන් සහ ආයතන විසින් මෙලෙස වාණිජ අරමුණු උදෙසා අදාළ වීඩියෝ පට යොදාගන්නා බව තහවුරු වී ඇති බවයි එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

වීඩියෝ සහ Vlog සටහන් හරහා දරුවන්ගේ එදිනෙදා ජීවන රටාව බාහිර පාර්ශ්ව වෙත අනාවරණය වීමෙන්, ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාව ද දැඩි අවදානමකට ලක්වන බව සඳහන්. 

එමෙන්ම, අන්තර්ජාලයට එක්කරන මෙවැනි වීඩියෝ පට සහ ඡායාරූප මූලාශ්‍ර කර ගනිමින් කෘතිම බුද්ධිය (AI) ඔස්සේ අසභ්‍ය දර්ශන නිර්මාණය කිරීමේ අවදානමක් ද මතුව ඇති බවයි අදාළ නිවේදනයේ පෙන්වා දෙන්නේ.

එබැවින්, මෙවැනි අනතුරුදායක තත්ත්වයන්ගෙන් තම දරුවන් ආරක්ෂා කරගැනීමට සමාජ මාධ්‍ය පරිශීලනය කිරීමේදී වඩාත් විමසිලිමත් සහ වගකීම් සහගත වන ලෙස දෙමාපියන් ඇතුළු දරුවන්ගේ භාරකරුවන්ගෙන් ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය ඉල්ලා සිටිනවා.

අදාළ නිවේදනය පහතින්.