මඩකලපුවේදී පුද්ගලයන් 05 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ සහ හමුදා බුද්ධි අංශයේ තොරතුරුකරුවන් දෙදෙනා ඔක්තෝබර් 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
2008 වසරේදී කල්ලඩි ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, කාත්තන්කුඩි හිදී දෙමළ ජනතා විමුක්ති කොටි පක්ෂයේ සාමාජිකයෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ වවුනතිවු - කරෙයියක්කන්තිවු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් කෲර ලෙස ඝාතනය කිරීම යන සිදුවීම් සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.


