Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ලබා දී තිබුණු සුඛෝපභෝගී වාහනයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීමෙන්, හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි විසින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ වෙනුවෙන්, රුපියල් ලක්ෂ 66 ක මුදලක් වන්දි වශයෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ගෙවිය යුතු බවට අධිකරණය නියෝග කරනු ලැබුවා.

ඊට අමතරව, අවභාවිත කළ වාහනයේ ඡායාරූපය ද සහිතව, සමාව ඉල්ලා භාෂා තුනෙන්ම පුවත්පත්වල දැන්වීම් පළ කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි හ‍ට නියෝග කරනු ලැබුවා.