Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ, 2026 වසරේදී ආරම්භ කළ 1 ශ්‍රේණිය සඳහා වන නව විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට ගෙන යාමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, 2 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය සඳහා වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 2027 වසරේදී ආරම්භ කර ඉදිරියට ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

2023 වසරේදී ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කරන ලද ජාතික විෂයමාලා රාමුව පසුව සංශෝධනය කර ඇති අතර, එම සංශෝධිත රාමුව සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලයේ, ආයතන සභාවේ සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික මෙහෙයුම් කමිටුවේ ද අනුමැතිය හිමිව තිබෙනවා.

2027 වසරේදී 1 සහ 2 ශ්‍රේණි සඳහා වාර තුනට අදාළව ක්‍රියාකාරකම් පොත් සහ ගුරු මාර්ගෝපදේශ මුද්‍රණය කිරීමට ද, 6 ශ්‍රේණිය සඳහා මොඩියුල සහ ගුරු මාර්ගෝපදේශ සකස් කිරීමට පියවර ගෙන ඇති බව ද සඳහන්.

එමෙන්ම, ප්‍රධාන පුහුණුකරුවන් පුහුණු කර ඇති අතර, පළාත් මට්ටමින් ගුරු පුහුණු කටයුතු සංවිධානය කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සකස් කළ සංකල්ප පත්‍රිකාව, අනුමත කළ ජාතික විෂයමාලා රාමුව සහ පාසල් පාදක ඇගයීම් හා තක්සේරුකරණ මාර්ගෝපදේශ මත පදනම්ව මෙම ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දෙනු ලැබුවා.

අදාළ තීරණය පහතින්.