Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ III වන අදියර යටතේ කිරුළපන මංසන්ධියේ සිට කොළඹ - හොරණ මාර්ගයේ දුටුගැමුණු වීදිය දක්වා වන මාර්ග කොටස වැඩිදියුණු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය යටතේ කිරුළපන මංසන්ධියේ සිට දුටුගැමුණු වීදිය දක්වා කිලෝමීටර 0.86 ක මාර්ග කොටස මංතීරු හයකින් යුතුව සකස් කිරීමට නියමිතයි.

ඊට අමතරව, යටින් දිවෙන මාර්ගයක් (Underpass), සංඥා පද්ධති සහිත මංසන්ධි, පදික පහසුකම් සහ ජලාපවාහන පද්ධති ද සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.

ජාතික තරගකාරී ලංසු ක්‍රමවේදය යටතේ කැඳවන ලද ලංසු 07 ක් ඇගයීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත අවම ලංසුකරු වන මාගා ඉංජිනේරින් (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත රුපියල් බිලියන 2.89 ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට නියමිතයි.

ඒ අනුව, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.