හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ වනජීවී සංරක්ෂණය සහ වගකීම් සහගත සංචාරක හැසිරීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (SLTC) සංචාරක කළමනාකරණ අධ්‍යයනාංශයේ සිසුන් විසින් 2026 ලෝක සංචාරක දින සැමරුම පවත්වා තිබෙනවා.
"Digital agenda and artificial intelligence to redesign tourism" යන 2026 ලෝක සංචාරක දින තේමාවට සමගාමීව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති බවයි සඳහන් වන්නේ.
සංචාරක කර්මාන්තය තුළ ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් දෙස් විදෙස් සංචාරකයන්ගේ වගකීම් සහගත සංචාරක හැසිරීම් ප්‍රවර්ධනය කිරීම සහ සංවේදී පරිසර කලාප වෙත දැනුවත් සංචාරකයන් ආකර්ෂණය කරගැනීම පිළිබඳව මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා වූ බවයි වාර්තා වන්නේ.
'Revive' ව්‍යාපෘතිය යටතේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේදී ලබාගත් සැබෑ කැමරා දර්ශන, ඩිජිටල් තාක්ෂණය සහ කෘතිම බුද්ධි (AI) මෙවලම් භාවිතයෙන් වැඩිදියුණු කරමින්, වගකීම් සහගත සංචරණය පිළිබඳ සංචාරකයන් දැනුවත් කෙරෙන ආකර්ෂණීය වීඩියෝ මාලාවක් එළිදැක්වීමට ද SLTC සිසුන් කටයුතු කර තිබෙනවා.
ඉන් අනතුරුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සබරගමුව විශ්වවිද්‍යාලය සහ සංචාරක ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන්ගේ සහභාගීත්වයෙන් විද්වත් කතිකාවතක් ද පවත්වා තිබෙන අතර, මෙම අවස්ථාව සඳහා විශ්වවිද්‍යාල රැසක සිසුන්, ආචාර්යවරුන් මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් එක්ව සිටි බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.


