දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන සිටි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අද (29) දින ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.
නීතිවිරෝධී ලෙස බස්රථ සඳහා මාර්ග ධාවන බලපත්‍ර ලබාදීමේ සිද්ධියකට අදාළව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් පසුගිය 17 වැනිදා අත්අඩංගුවට ගත් අතර, ඔහු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා.


