පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.
පොලිස්පතිවරයා මාර්ගයෙන් එම වරෙන්තුව ක්‍රියාත්මක කර, ඔක්තෝබර් මස 01 වැනිදා විත්තිකාර ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි නියෝග කර ඇත්තේ.
ජනාධිපති සමාව අහෝසි කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවතින සිර දඬුවම ක්‍රියාත්මක කිරීමේ නියෝගයක් ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන මෝසමක් අද (29) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දෙනු ලැබුවා.


