Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : ලංකාවේ කවදාවත් බන්ධනාගාර බස් එකට ගොඩ නොවුණු අපේ රටේ දේශපාලන අපරාධකාරයෝ ටික -

00:05 : රැලට දැන් බන්ධනාගාර බස් එකේ ආතල් එකේ යන්න පටන් අරගෙන තියෙනවා.

00:09 : මහින්ද මහත්තයාගේ පුතා අද කොහෙද ඉන්නේ? අද ඉන්නවා බන්ධනාගාරයේ.

00:12 : මොනවා කරලද? එක නඩුවක් තියෙනවා එයාලංකා එකේ එයාර් බස් 14 ක් ගේන්න ගිහිල්ලා පගාව ගහලා මාට්ටු වෙලා.

00:19 : ඒ මදිවට, හොරේ පිටට මරේ කියලා, දැන් මෙයාට තව මගුලක් කඩා පාත් වෙලා තියෙනවා, ක්‍රිෂ් නඩුව. ඒකෙ මොකක්ද?

00:24 : ලංකාවේ හොඳම ප්ලේස් එකක තියෙන බිල්ඩින් එකකට, ඒ බිල්ඩින් එක ගහන්න අවසර දෙන්න ගිහිල්ලා, මූ කෝටි හතක් පගාව ගහලා තියෙනවා.

00:32 : ඒ කම්පැනියේ ඉන්න අර ගෑනු මනුස්සයත් දැන් අත්අඩංගුවට ගත්තා.

00:35 : ඒ විතරක් නෙමෙයි එයාගේ අම්මා, අම්මගේත් ගොඩක් ඒවා ඉස්සරහට එන්න තියෙනවා.

00:39 : නාමල්ගේ අම්මා ශිරන්ති නෝනා, එකම ස්කෑන් යන්ත්‍රයක් ගේන්න කියලා චීනෙනුත් සල්ලි අරගෙන, ලංකා බැංකුවෙනුත් සල්ලි අරගෙන! එහෙම බඩු.

00:47 : දැන් ඒ නඩුව යනවා. නඩුව යද්දී තමයි සාක්ෂි දෙන්න තියෙද්දී සිංගප්පූරුවට ගියා කියන්නේ.

00:52 : අපි බලමු, ඔය සෙල්ලම් වෙට්ටු දාලා මොනවාද කරන්න පුළුවන් වෙන්නේ කියලා.