නව තානාපතිවරයෙකු, මහ කොමසාරිස්වරයෙකු සහ ආයතන සභාපතිවරයෙකු පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
උසස් නිලතල පිළිබඳ කාරක සභාව, අග්‍රමාත්‍ය හරිනි අමරසූරියගේ සභාපතීත්වයෙන් රැස් වූ අවස්ථාවේදී මෙම පත්වීම් සඳහා අනුමැතිය ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව, පිලිපීනයේ නව ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස අන්සුල් බානු ජාන් පත් කිරීමට සහ කැනඩාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස චන්දන රෝහණ කුමාර අඹගොල්ල පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
එමෙන්ම, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් හි නව සභාපතිවරයා ලෙස නුසිත් කුමාරතුංග පත් කිරීමට ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව මඟින් අනුමැතිය ලබා දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ නිවේදනය පහතින්.



