Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : ජනතා විමුක්ති පෙරමුණේ මේ ආණ්ඩුවේ උත්සාහය තනි පක්ෂයක් රට පාලනය කරන තත්ත්වයකට ගෙනැවිල්ලා,

00:06 : 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරලා, අධිකරණයේ නිදහස විනාශ කරලා,

00:12 : යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය, ඒ වගේම නීතියේ ආධිපත්‍යය, මේ උත්තුංග ගුණාංගයන් සියල්ලක්ම විනාශ කරලා,

00:19 : මේ අලුගෝසු ආණ්ඩුව විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කරන්න,

00:26 : ප්‍රජාතන්ත්‍රවාදයේ ඝාතකයින් හැටියට කටයුතු කරන අනුර කුමාර දිසානායක රජය අපි ඉතාමත්ම ඉක්මනින් ජන බලයෙන්, ජන සවියෙන් පරාජය කරනවා.

00:34 : රජයට තියෙනවා, ඔබට කොන්දක් තියෙනවා නම් පළාත් සභා මැතිවරණය පවත්වන්න!

00:38 : මේ අලුගෝසු ආණ්ඩුව, මේ රාජ්‍ය ත්‍රස්තවාදී ආණ්ඩුව, මේ ප්‍රජාතන්ත්‍ර ඝාතක අනුර කුමාර දිසානායක ආණ්ඩුව -

00:45 : අපි ජනතාවගේ ශක්තිය තුළින් පරාජය කරලා ගෙදර යවනවාමයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි.